අධ්‍යාපනය හරි නම් එවැනි අධ්‍යාපනයක් ඇති කිසිම රටකට වරදින්නේ නැත. ඒ මන්ද අධ්‍යාපනය ඒ රටේ කොදුනාරටිය වන නිසාය.
ඇමෙරිකාව සිය අධ්‍යාපනය ගැන ප්‍රශ්න මතු කරන්නේ එරට ශිෂ්‍ය පරපුර පසු බසින නිසාය. චීනය, ඉන්දියාව සහ වෙනත් විදේශීය රටවල ශිෂ්‍යයින් අධ්‍යාපනයෙන් පෙරට එමින් සිටින අතර මේ වර්ධනය එරට නායකයින් දකින්නේ ඇමෙරිකානු ශිෂ්‍ය පරපුර පසුබසිමින් සිටින බවය. ඇමෙරිකාව එදා විද්වතුන්, විද්‍යාඥයින්, සාහිත්‍යධරයින් වෙනත් සෑම විෂයයක් සම්බන්ධයෙන් ඉදිරියේ සිටින නමුත් ඒ තත්ත්වය ඔවුන්ට අහිමි වී ඇති නිසා ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා කෙලින්ම කථාකලේ සිසු පරපුර උනන්දු කරවීමටය. එංගලන්තයත් එවැනි තත්ත්වයක පසුවෙයි. ඒ නිසා අධ්‍යාපනය නිවැරදි කර ගන්න මෙන්ම දක්ෂ ශිෂ්‍යයින් පෙරට ගෙන ඒමට සහ පාසැල් වියෙහි සිටින සෑම ශිෂ්‍යයෙකුටම ඉගෙන ගන්න හැකි පරිදි පහසුකම් ඇති කරන්න එරට ක්‍රියා කරගෙන යයි.
විද්‍යාව, තාක්ෂණය සහ නිෂ්පාදන රටාවත් වෙනස් වෙනවා සමග අධ්‍යාපනයද ඒ සමානව වෙනස් විය යුතු වන්නේය. පාසැල් විෂයයන් සහ ඒවා උගන්වන ක්‍රම වෙනස් විය යුතු වන්නේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා වූ ආයතන පමණක් නොව පර්යේෂණ සහ නිර්මාණශීලී කටයුතුවල නිරත වී රටට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කළ යුතුය. යම් රටක හැදියාව බිහි වනනේ නිසි අධ්‍යාපන ක්‍රම තුලිනි.
කොටින්ම කියතොත් රටක අධ්‍යාපනය විසින් ඒ රට තුල දැහැමි සමාජයක්, නිර්මාණශීලී පුරවැසියන්, දැනුවත් ජනගහනයක්, තෘප්තිමත් ජනතාවක් ඇති කළ හැකිය.
මෙම කටයුතු ගැන මෙසේ ලියන විට සිතට එන කරුණක් ඇත. දෙමව්පියන්, ආගමික නායකයින් සහ සංවිධාන, විද්වතුන්, තාක්ෂණ සහ විද්‍යා උගතුන් සම්බන්ධකර ගෙන “අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක්” සදහා කටයුතු කිරීමට ප්‍රතිඥා දෙන න්‍යාය පත්‍රයක් මහා සංඝරත්නයට පිළිගන්වනු ලැබිණ. මෙම න්‍යාය පත්‍රය මහා සංඝරත්නයට පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික සංගමයේ නායක මිලින්ද මොරගොඩ මහතාය. පාසැලක ප්‍රමුඛතාවන් තීරණය කිරිම හා අධීක්ෂණය සදහා දෙමාපියන් සහ ප්‍රජාව සවිබල ගැන්වීම, පාසැල් විෂය මාලාවට ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම, ප්‍රජාචාරය පිළිබද විෂයයන් ඉගැන්වීම ඇතුලත් කිරීම, ප්‍රධාන ආගම් හා සබැදි ලාභ නොලබන නව ප්‍රජා පාසල් පිහිටුවීම, ලාභය අරමුණු කර නොගත් නිසි මාර්ගෝපදේශ හා ප්‍රමිතීන්ට අනුකූලව උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම සදහා ආගමික නායකයින් සහ සාකච්ඡා කිරීම යන මේ අරමුණු එම න්‍යාය පත්‍රයට ඇතුලත්ය. පෙරට එන ලෝකය දැනුවත්, විද්වත්, බුද්ධිමත්, තාක්ෂණික හැකියාවලත්, තරගකාරිත්වයෙන් මුවහත් වූ අයගේ ලෝකයයි. ඒ සදහා අධ්‍යාපනය විප්ලවීය මං ඔස්සේ වර්ධනය විය යුතුය.


