හිස් හොරි නසා කෙස් යෑම වළකන “සේපාලිකා” දිව්‍ය ඖෂධයක්.
සේපාලිකා ශාකය, වැඩි දෙනෙකු දන්නේ සුවඳවත් මල් ගසක් හැටියට ය. එහෙත්, දේශීය ආයුර්වේද වෙදකමේ දී මෙය බෙහෙවින් අගනා ඖෂධීය රුකෙකි. හිස්හොරි හා හිසේ කොරපොතු නැති කළ හැකි, හිසැ කෙස් වඩන, කෙස් ගැළවීම වළකන, උකුණන් වඳ කරන, පණු ගාය, චර්ම රෝග, උණ හා වාත අමාරු සුව කරන ඖෂධීය ශාකයක් ලෙස දේශිය වෛද්‍යවරු අගය කරති.
ශ්‍රී ලංකාවේ සෑම පළාතක ම වාගේ සරුවට වැවෙන ශාකයෙකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය, “Nyctanthes arbortristis” වන අතර කුලය oleaceae වෙයි.
අඩි 10 ක් 12 ක් පමණ උස්වන අතු, ඉති, රිකිලි ලා පඳුරක් ලෙස, ගෙමිදුල්හි අයිනෙක වවා තිබෙන සේපාලිකා ගස්වල මල් පිපෙන්නේ රාත්‍රී කාලයේ ය. එම මල් බොහොමයක් උදේ ගහයට වැටී තිබෙනු දැකිය හැකි ය. ඒ මල් සුදු පාට ය. මලේ නටුව ලස්සන රත් පැහැයක් ගනී. එම නටුව ඇඟිලි තුඩුවලින් පොඩිකළ විට කහපාට වෙයි. පරිසරය සුවඳවත් කරන මේ මල ප්‍රමාණයෙන් ගැට පිච්ච මලක් පමණ වෙයි.
සිංහලෙන් සේපාලිකා (ශේඵාලිකා) නමින් ද, දමිළ බසින්, පටලමල්ලි සහ මංජුපු යන නම්වලින් ද, ඉංග්‍රීසියෙන් Night Jasmin නමින්ද හඳුන්වන අතර, පර්යාය නාම ලෙස, රාජනිහාසා, නිෂිපුෂ්පිකා, සීතමංජරී, තාඹ්‍රවෘත්තිකා, ශුක්ලාංගී, රක්තවෘත්තා, රාග පුෂ්පී, මන්දාර, සුවා හා වාතාරී ආදී සකු නාමයන්ගෙන් හැඳින්වෙයි.
සුශ්‍රැත සංහිතා, අෂ්ටාංග හෘදය හා වෙනත් නිඝණ්ඩුවල ද ශේඵාලිකා පිළිබඳ විස්තර සඳහන් වෙයි. මෙම මලෙහි සුවඳ සමන් පිච්ච මලක සුවඳට සමාන ය. අඟල් 4x6 ක් පමණ කොළවල, මද ගොරෝසු ගතියක් ඇත. මුලින් වක්‍රාකාර වන කොළේ අග උල් ය. මෙහි පළ ව ඇති ඡායාරූපයෙන් එහි ලක්ෂණ බලා ගත හැකි ය. මේ කොළවල Nyctanthene නම් ක්ෂාර පදාර්ථයක් අඩංගු ය.
සේපාලිකා ඖෂධීය ගුණ
ළඝු ය. රූක්ෂ ය. රසයෙන් තික්ත ය. විපාකයෙන් කටුක ය. වීර්යයෙන් උෂ්ණ ය. වාතය හා සෙම නසන ගුණයෙන් යුක්ත ය. පිත ශෝධනය කර යි. කෘමීන් නස යි. විශේෂයෙන් උකුණන් හා ඒ වැනි සතුන් වඳ කරයි. කෙස්වලට හිත යි. පිත වැඩි කරන ගුණය නිසා කුසගින්න වඩයි.
අනුලෝමන ගුණය ඇත. මේ නිසා කොළ, යුෂ, බඩගින්න ඇති කරයි. අග්ලිය දක්ව යි. රක්ත ශෝධක ය. මේ නිසා රක්ත රෝගවල දී ප්‍රයෝග කර යි.
ප්‍රයෝජනයට ගැනීම
සේපාලිකා කොළ යුෂ මී පැණි සහ ලුණු සමග බීමෙන් වට පණුවන් හා කිරිපණුවන් පතිත වෙයි. එම යුෂ ළදරුවන්ට ද දිය හැකි ප්‍රවේසම් සහිත විරේචනයකි.
සේපාලිකා කොළ යුෂ අවුන්සයක් පමණ මී පැණි සමග බීමෙන්
ආම වාතයට සන්ධි ශෝථෙට
උදරාබාධයන්ට සෑහෙන ගුණයක් ලැබෙයි. ඉහත කී යෝගය ම යෙදීමෙන් ගුණ ලැබේ. ගෘධ්‍රසි නම් දුක සේ සුවකර ගත යුතු වාත රෝගයේදී සේපාලිකා කොළ කලං 12 (වතුර පත 8 පතට සිදුවා) කෂාය කර උදේ සවස පත බාගය බැගින් බීමෙන් එම රෝගය සුව වේ. ප්‍රත්‍යක්ෂ කෂාය කි.
කාස (කැස්ස)
ශ්වාස රෝගවලදී සේපාලිකා මුලේ පොතු චූර්ණය රක්තිකා (මංචාඩි) 2 ක් බුලත් කොළ යුෂ දමා බීමෙන් ඝන වූ සෙම බුරුල් වී පිටවීමෙන් සහනයක් ලැබෙ යි.
චර්ම (හමේ) රෝගවලදී මෙකී පොතු චූර්ණය දෙහි ඇඹුලෙන් අනා බාහිර ව ආලේප කිරීමෙන් ගුණ ලැබේ.
සර්ප විසේදී ද මෙකී චූර්ණය අරත්ත අල යුෂින් බීමට දීම හොඳයි.
සේපාලිකා බීජ ජලයෙන් අඹරා හිසේ ගෑමෙන්, හිස් හොරි ද, හිසේ කොරපොතුද නැති වේ. අකලට කෙස් වැටීමද මෙයි නවතී. අලුතින් හිසකෙස් වැඩීම ද වෙයි.
සේපාලිකා කොළ හා පොතු යුෂ අඹරා හිසේ ගා නෑමෙන් උකුණන්ද වඳ වෙයි.
මේ අන්දමට රෝගාබාධ ගණනාවකට ගුණ දෙන සේපාලිකා උපයෝගී කොට සංස්කරණය කරන ඖෂධ යෝග කීපයක් වෙයි.
- සමංශාදී තෛලය 2) ලජ්ජාල රසායනය 3) උශිරාදී ක්වාථය 4) පාඨා සමංශාදී ක්වාථය 5) චන්දානාදී චූර්ණය 6) පියුෂවල්ලි රසය 4) මෘත සංජීවනී සුරාව ඒවායින් කීපයකි.



අපේ උරුමය
වා පිත් සෙම් නසා සිරුර රකින ‘නික ගස’ බලගතු ඖෂධයක්
හිරිවාත, වේදනා, ඉදිමුම් නසන “කළුදුරු” ප්‍රතිශක්ති ජනක යි.
පිළිකා, ගෙඩි, වණ සුවයට වටිනා ඔසුවකි.
මෝර දතක්, මුහුදු බෙලි කටු වලින් සැදූ පළඳනා 8 ක් මෙන්ම අලියාගේ පටන් කුඩා සිවුපාවා දක්වා සත්ව අස්ථි කැබලි හමු වී තිබෙනවා. මෑත කාලීනව අලවල ලෙනෙන් මතුකර ගත් වැදගත්ම පුරා විද්‍යා සාධකය වන්නේ ව්‍යාඝ‍්‍රයෙකුගේ ඇඟිලි පුරුකක් සහිත නිය කොටසයි. ලංකාවේ ප‍්‍රාග් ඵෙතිහාසික කැණීම් අතර තෙවන වතාවටයි ව්‍යාඝ‍්‍රයෙකුගේ අස්ථි කොටස් හමුවන්නේ. මෙය මීට පෙර සොයාගත් මෝර දතටත් වඩා විශේෂිත බව ඔවුන් පැවසුවා. ලෙනෙහි මතුපිට ගල්වල ඇඹරුම් ලක්ෂණද දැකිය හැකියි. ඒ සඳහා භාවිතා කළ ඇඹරුම් ගල් ද හමු වී තිබෙනවා. එසේම කැකුණ ඇට තැලීම සඳහා භාවිතා කළ ගල් වලවල් ගල මතුපිට දැකගත හැකි වෙනවා.
ඉහතින් දැක්වූ ආකාරයට මෙය මධ්‍ය ශිලා යුගයට අයත් ගුහාවක් ලෙස සැලකුවත් මතුපිට පස් ස්ථර වලින් පශ්චාත් ශිලා යුගය ලෙස සැලකිය හැකි නව යුගයක සාධක මතුවන බව මහාචාර්ය ගාමිණී අධිකාරි, ආචාර්ය අර්ජුන තන්තිල යන විද්වතුන් කියනවා. ගල් ආයුධ සහ වලං කටු කැබලි මිශ‍්‍රව තිබීම ඊට හේතු සාධක ලෙස ඔවුන් ගෙනහැර දක්වනවා. නව ශිලා යුගයට, පසු යුගයක මෙම තත්වය දැකිය හැක බවත් දොරවක ලෙනෙන් මතුවුන නව ශිලා යුගයේ පුරා විද්‍යාත්මක සාධක වලට වඩා මේවා දියුණු බවත් ඔවුන් පවසනවා.
කොළඹ - නුවර ගමන් මගෙහි තිහාරිය මං සන්ධියෙහි ඕගොඩපොළ - නිට්ටඹුව බස් රථය මොහොතක් නතර කර තිබිණි. කොළඹ සිට පැමිණි අපට ඕගොඩපොළට ධාවනය වන බස්රථය ඈත තියාම යාන්තමට දිස්විණි.
16 හා 17 වැනි සියවස්වල යුරෝපයේ ඇතිවූ කාර්මික විප්ලවයේ උණුසුම මුළු ලෝකය පුරාම විහිදී ගියේ විදුලි වේගයෙනි. ලෝකයේ සෑම රටක්ම පාහේ නව තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබද උනන්දු වීම වැලැක්විය නොහැක්කක් විය.