යම් කිසි ප්‍රතිවිත්තියක, පිළිවෙතක, ක්‍රියාවක, අදහසක ඇත්ත නැත්ත සොයා ගත යුත්තේ කෙසේදැයි මීට අවුරුදු 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ. යට කී කරුණු පිළිබඳව තමන් තුළ යම් කිසි සැකයක් මතු වුවහොත් මධ්‍යස්ථව එහි ඇත්ත නැත්ත ගැන ප්‍රශ්න කොට තමන් සෑහිමකට පත්වන උත්තරයක් ලබා ගන්නා ලෙස උන්වහන්සේ අපට අවවාද කළහ.
ප්‍රගතියේ මඟ එය බව උන්වහන්සේ වදාළහ. උන්වහන්සේ අපට දුන් අනිත් පාඩම නම් සෑම දෙයක් තුළම වෙනස් වන ස්වභාවයක් ඇති බවය. අපි ජීවත්වන්නේ වෙනස් වන ලෝකයක ය. සමාජයක ය. මෙම ස්වභාවය පිළිබඳව අපි අවබෝධයෙන් සිටින්නේ නම් අපේ යහපත සැලසෙන මඟ සොයා ගැනීමට අපට පුළුවන. ඒ සඳහා අපි කළ යුත්තේ විමසිලි වන්තව කරුණු සොයා බැලීමය. යහපත් සමාජයක් සොයා ගන්න විමසිලි වන්ත විය යුතුය. අපේ දර්ශනයේ හරය වන්නේ ඒ අවස්ථාව සෑම කෙනෙකුටම ලබා දීමය.
Thursday, Mar 11th
Last update:04:09:35 PM GMT
Headlines:



අපේ දර්ශණය