කතුවැකිය

කතුවැකිය (2)

ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ඇති කළේ සාමය ආරක්ෂා  කරන්නටය. මෙරට විතරක් නොවේ. වෙන  ඕනෑම රටකත් එහෙමය. ටී පනස් හයක් අරගෙන මහජනතාව මහා අපරාධකාරයන් හැටියට දකිමින් රවමින් - ඔරවමින් යන පොලිස් සේවාවක් ඇත්තේ වත්මන් සිරි ලංකාවේ පමණකි. අතීතයේ අපට විනීත විනය ගරුක සේවාවක් තිබුණි.

මහරජ මේ අඹගස හැර තවත් ගස් ඇත්දැයි ......අහනවිට තිස්ස හිටියේ නොදන්නා කන්දක් පාමුලය.

එය මිහින්තලාව වූයේ පරම්පරාවක් හමාර වූ පසුවය.

නොදන්නා කණ්ඩායමක් ඇවිත් මහරජ්ජුරුවන්ගේ සාමාන්‍ය දැනීම ගැන හොයා බලන කරන අවස්ථාවේ තිස්ස රජතුමාට උපදෙස් දෙන්නට ඒ දවස්වල කවුරුවත් හිටියේ නැතිවා විය යුතුය.