දේශපාලනය

දේශපාලනය (2)

ආණ්ඩුවට පංචායුධයක් තිබේ. මේ පංචායුධය මහා බලගතු එකකි. කොල්ලෙක් උපන් අවස්ථාවේ පුංචි අවදියේදීම කරවටා පංචායුධයක් එල්ලන්නේ ඒ දරුවාගේ ආරක්ෂාවටය. මේ ආණ්ඩුව පංචායුධයක් එල්ලා  එල්ලා ගත්තා ද නැහ්නං බලහත්කාරයෙන් එල්ලූනා ද යන්න දන්නේ තම තමන්ගේ හිත් පමණකි.පංචායුධයක් එල්ලන්නට තරම් ආණ්ඩුවට එහෙමම බාලගිරි දෝෂයක් නැත. එහෙම වගේම ආණ්ඩුව ට ළදරු පාටක්  ද නැත.

අපේ රටේ මහජනතාව ඇදගන්නට දස්සයෝය.  ඕනෑම දහජරාවක් හංගාගෙන කන විට බලං ඉන්න මනුස්සයා කෙල පෙරන්නට පටන් ගනී. අනේ මටත් ටිකක් දියං යැයි නොකියා කියන්නට පටන් ගනී. අත දිග හැර පෙන්නුවාම කාලා තියෙන්නේ හිතා ගන්නටවත් බැරි ජරාවකි. මේ රැවටිලි ඉතිහාසයේ පටන්ම එන්නකි.