සම්පුර්ණ අණ්ඩපාල ගති ලක්ෂණ පෙන්වන ඒ හින්දාම මහජනතාව රවට්ටාගෙන ඉන්න රාජපක්ෂ ආණ්ඩුව පංචායුධයක් එල්ලාගෙන සිටින්නට තරම් දුර්වල බව හිතන්නට යාම බෙහෙවින් නරකයපංචායුධය තමුන්ට පලක් ඇති ආරක්ෂාවක් බව නොපෙනෙන හෙයින් ආණ්ඩුව තමුන්ට අත මිට හිග වෙලාවට මේ පංචායුධය උකස් කරන්නට සමත්ව ඇති බව දැන් පෙනී යන ඇත්තයි.
හදිස්සියට කීයක් හරි උවමනා වූ විට තමුන්ගේ හැට්ටය අස්සට හංගා ගන්නා පවුං කාලේ පංචායුධය ආපහු දිග අරින්නේ රත්තරන් බඩු සාප්පුවේ කවුලූවට මුවා විමෙන් පසුය. එහි ඉන්නා ජේත්තුකාර තරුණයෙක් මෙම පංචායුදය ගලක ගා සූරා බලයි. එහෙම කරන්නේ මේ උගස් තියන්නට යන්නේ හැබෑ රත්තරන් ද යන්න හැබෑවටම දැනගන්නටය.
උරගලේ ගාන පංචායුධයෙන් කොටසක් හීනියට ගෙවී යයි. ගලේ තැවරෙන රන් කුඩු උඩට ඇසිඞ් ටිකක් වත්කරන උහු එය පිළිස්සී නොයන්නේ නම් නියම රන් බව දැන ගනී. හැබැයි පංචායුධයෙන් මංචාඩියෙනුත් සොච්චමක් බර අඩුවෙයි. එහෙම වුනත් හදිස්සියට කීයක් හරි ගන්නට ලැබීම බොහොම වටින කාරණයකි. අතට කීයක් හරි ලැබුණ වහාම තමුංගේ පංචායුධය පොලිය ගෙවා බේරා ගන්නට හැබෑ උනන්දුවක් දක්වන්නේ ඒ නිසාය.
මේ දවස්වල ආණ්ඩුවට අග හිගකම් ඇත. ආණ්ඩුව අලූත් වුවත් දාන්නට හදන්නේ පරණ දහං ගැට නිසා ම අසල්වැසි රටවල් බලන්නේත් හරහටය.
රාජපක්ෂ මහත්තයාට දෙවතාවකට වැඩි වතාවක් ඉන්නට උවමනා කර තිබේ. එහි වැරුද්දක් නැත. කොහොම නමුත් අවුට් ගොයිං ජනාධිපතිට සේ එකක් නැති වන නිසා ගන්න තීරණ හොදට වැඩ කරන්නට නම් මේ සීමා බන්ධන අයින් කර දමන එකේ අගතියක් නොපෙනේ.
අනෙක් අතට පටන් ගත්ත වැඩක් ඉවර කරන්නට නම් පර අයමාණවත් කාලයක් උවමනාය. රනිල් උන්නැහේ දන්න වෙට්ටු දමමින් තමන්ට නොවෙන පරඑකතිවාදියෙකු එනතුරා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නට හදනවා නම් එය මට්ටු කළ හැක්කේත් මෙවැනි සංශෝධනයකින් පමණකි. එහෙම වුනහම ආණ්ඩුවේත් විපක්ෂයේත් නායකයන් හැර ගිය පසු ඊලගයා වෙන්න දගලන අය බොහොම අඩු වෙනවාත් සිකුරුය.
මෙහෙම තිබිය දී මේ ව්යගවස්ථා සංශෝධනය හොදම එක යැයි කීවේ පංචායුධය උකස් කරමිනි. දෙවැනිව ආයෙත් උකසට තැබුවේ විධායක ජනාධිපති නෙවෙයි විධායක අගමැතිකම එයිට වඩා හොද යැයි කියමිනි.
ජී එස් ටී නොදෙන විට එයට අභියෝග කරන්නටත් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුන් කට්ටු කොමිසමක් දමන විට එයට එරෙහිව ජනතාව පෙළ ගස්සවන වියදමට උගස් තැබුවේත් මේ පංචායුධයමය.
එහෙමනම් තවත් මොකදැයි අහන්නට වගේ අවුරුද්දෙන් අඩක් ගිය පසු රටේ අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ මහා විලාපයක් දෙන රජයේ සේවකයන් පර සංශ්න කළේ කෝ වැඩි පඩි කියාය. අන්න ඒ වෙලාවෙත් හැට්ටය අස්සේ හංගාගෙන ජුවලරි සාප්පුවටම ගොස් උගස්කර ඇත්තේ අපේ පංචායුදයයි.
ගෙයි හතරමායිමේ හදිස්සියකට ගන්න මේ පංචායුධය හැරෙන්නට වෙන වැදගැම්මක් ඇති යමක් නැති බව ආලවට්ටම් දමා ගේ මැද ඇති කැබිනෙට්ටුවට දැනුනේ නම් එයත් මේ අවස්ථාවේ වැරුද්දකි.
හැබැයි කොහොම නමුත් පරදම ශ්නයක් තිබේ. හැම විපතකටම උගස් තියන්නට මේ පංචායුධය ගත්තාම හැමදාමත් ගලේ උරච්චි කර බලන්නේ එයමය. ගෙවෙන්නේ පංචායුධය විනා උකස් කරන්නට එය අරන් යන උන්දැගේ දෙපා නොවේ.
මිණිසරයැ