Thursday, 28 March 2024

අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුව අද

Posted On Thursday, 19 July 2018 06:38

ශ්‍රී ලංකාවේ පළමුවරට පවත්වනු ලබන අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උළෙල, සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැත්වේ.
 


මෙම සමුළුව  ජූලි 21දා දක්වා පැවැත්වේ.
 
මෙරට මානසික සෞඛ්‍ය හෙඳ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවේ දී හෙඳ හෙඳියන් විසින් කරනු ලැබූ පර්යේෂණ ඉදිරිපත් කිරීම ද සිදු කෙරේ.
 
එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් මෙහිදී මානසික සෞඛ්‍ය හෙඳි සේවාවේ පර්යේෂණ පිළිබඳ විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතය.