Thursday, 18 April 2024

වැසි තත්ත්වයේ සහ සුළඟේ වේගය වැඩිවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Wednesday, 15 August 2018 05:52

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 


මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්ග ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද කුරුණෑගල, ගාල්ල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක. සෙසු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
 
දිවයින පුරා, විශේෂයෙන් වයඹ, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැක.