Thursday, 28 March 2024

තහනම් පොලිතීන් සොයා දිනපතා වැටලීම් ක්‍රියාත්මකයි

Posted On Wednesday, 15 August 2018 05:54

පරිසරයට හානිකර පොලිතින් නිෂ්පාදනය,අලෙවිය හා භාවිතය සම්බන්ධයෙන් වැටලිම් දිනපතා ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (විමර්ශන)  එන්.එස් ගමගේ මහතා පවසයි.


වැටලිම් සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වු  ගමගේ මහතා පවසා සිටියේ,2017 සැප්තැම්බර් 15 වන දින පොලිතීන් භාවිතය තහනම් කර පැනවු ගැසට් නිවේදනය අනුව 2017 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා තම ආයතනය සහන කාලයක් ද දුන් බවයි.


ජාතික පරිසර පනතේ යටතේ  නියෝගය අනුව ''දේශිය භාවිතයක් සඳහා පොලිතින් අමු ද්‍රව්‍යයක් වශයෙන් යොදාගෙන ආහාර දවටන නිපදවිම, ඒවා රට තුළ විකිණීම, ප්‍රදර්ශනය ,නොමිලේ ලබා දීම, භාවිතය තහනම් කොට තිබේ.‍මේ වසරේ ජනවාරියේ සිට මේ වන විට දිවයින පුරා වැටලිම් 4500ක් සිදු කර ඇත.

වැටලිම් මට්ටම් 4ක් යටතේ ක්‍රියාත්මක වේ.එනම්,නිෂ්පාදන කරන ආයතන වැටලිම,තොග අලෙවි කිරිම් වැටලීම්,භාවිතය කිරිම් වැටලිම යන්නයි.පොලිතින් නිෂ්පාදනය කරන ආයතන 07ක් මේ වනවිට වැටලිමට ලක් කර ඇත.

HDP හෙවත්  දැනට තහනමට ලක් වි ඇති පොලිතින් වෙනුවට ජෛව හායනයට ලක් කළ හැකි පොලිතින් නිෂ්පාදනය කිරිම  සදහා ලංකාවේ ආයතන කිහිපයක් ම තිබෙන බව එන්.එස් ගමගේ මහතා පැවසිය.එසේ තිබිය දි යම් යම් තැන්වල නිතිවිරෝධි ලෙසින් සිදු කරන පොලිතින් නිෂ්පාදනයට එරෙහිව වැටලීම් සිදු කරන බවද කෙරෙන බව ගමගේ මහතා පැවසිය.