Friday, 19 April 2024

අලුතින් ඡන්ද දායකයින් 150,000 ක්

Posted On Tuesday, 04 September 2018 06:32

මෙම වසරේදී අලුතින් ඡන්ද දායකයින් එක් ලක්ෂ 50,000 ක් ලියාපදිංචි වනු  ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි.


ඒ අනුව මෙරට ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක් කෝටි පනස් අට ලක්ෂයකට ආසන්න වනු ඇති බවත් 2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිමේ කටයුතු එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතයි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මේ බව සඳහන් කරයි..

දැනට සකස් කර ඇති 2018 ඡන්ද හිමි නාමලේඛණ කෙටුම්පත ප‍්‍රදර්ශනය කරන කාලය අනිද්දායින් අවසන් වන බවත් ඡන්ද හිමි නාමලේඛණ කෙටුම්පත පිළිබඳ විරෝධතා හෝ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ද හැකියාවක් පවතින බවයි මෙහිදී පැහැදිළි කෙරිණ.

ඒ අනුව 2018 ඡන්ද හිමි නාමලේඛණයේ නම තිබේදැයි ග‍්‍රාම නිලධාරීවරයාගෙන් හෝ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් තහවුරු කර ගන්නා ලෙසටයි මැතිවරණ කොමිසම සියලූම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටි.