Tuesday, 16 April 2024

අ.පො.ස (උසස් පෙළ) විභාගය -2018- පිළිතුරු පත් ඇගයීම් කටයුතු ii අදියර හෙට සිට

Posted On Tuesday, 11 September 2018 05:38

අ.පො.ස (උ.පෙළ) විභාගය II අදියර 2018-09-11 දින සිට 2018-09-24 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


ඇගයුම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර එම පාසල් අතරින් පාසල් 04 ක් ඇගයීම් කාලයේ සම්පූර්ණයෙන්ම වසනු ලබන අතර අනෙක් පාසල් 20 හි කොටසක් වසමින් ඇගයීම් කටයුතු කිරීමට සැලසුම් කර ඇත.

උත්තර පත්‍ර ඇගයීම් කිරීමට යෝජිත සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් 2018-09-25 දින ආරම්භ වේ.

පාසැල් ලේඛනය මෙතැනින් බා ගත කරගන්න

http://www.education.gov.lk/sinhala/images/imageGallery/news/2018/sep/school_list.jpg