Saturday, 20 April 2024

දිස්ත්‍රික්ක කීපයකට සුළඟේ වේගය වැඩියි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Tuesday, 18 September 2018 09:45

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මධ්‍යම පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි අතර සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) අළුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.