Saturday, 20 April 2024

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයි

Posted On Tuesday, 18 September 2018 09:49

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් විනාඩි පහක කාලයක දී ලබා ගැනීමේ හැකියාව උදාවී ඇත.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා විසින් ඊයේ (17) රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ මෙම සේවාව පවත්වාගෙන යන විශේෂ සේවා
කවුළු දෙක විවෘත කරන ලදී.

මේ අනුව 1960 වර්ෂයේ සිට 2012 දක්වා දිවයින පුරා නිකුත් කරන ලද සියලුම සහිතක පිටපත් කර දත්ත ගබඩාවකට එක්කර ඇති අතර එම තොරතුරු ක්ෂණයකින් ලබාදීමේ හැකියාව පවතී. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙතෙක් මෙරට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතරින් කාර්යාල 183ක පමණක් මෙම සේවාව ක්‍රියාත්මක වූ බවයි.

මෙම බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයට අමතරව මාලිගාවත්ත සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් මධ්‍යම ලේඛනාගාරයේ ද මෙම කඩිනම් සේවාව ක්‍රියාත්මක වෙයි.

'' මෙම සේවාව ජනතාවගේ පහසුව සඳහා ආරම්භ කරන ලද්දක්. තමන් උපන් ප්‍රදේශයට, විවාහ වූ ප්‍රදේශයට ගොස් සහතික පිටපත් ලබාගැනීමේ ක්‍රමය නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්වූ අවස්ථා අපි දැක තිබුණා. ඒ නිසා මේ ක්‍රමය ආරම්භ කළේ. අපි මුලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 183ක මෙලෙස කඩිනම් සේවාවක් පවත්වාගෙන ගියා. දැන් සියල්ල ජාලගත කරලා කොළඹ ප්‍රධාන කාර්යාලයේ මේ සේවාව ආරම්භ කළා. 2012 සිට මේ දක්වා සහතික තවමතපිටපපත් කරමින් තිබෙනවා. එය අවසන් කළ වහාම එම වර්ෂවල සහතිකත් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සළසනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම වැඩසටහන ජනතාවට වඩාත් පහසුවක් වන අතරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තදබදය අඩුවීමට ද හේතුවක් වනු ඇති බවයි.