Friday, 29 March 2024

2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට

Posted On Wednesday, 19 September 2018 08:14

2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.



2019- 2021 මධ්‍ය කාලීන අයවැය රාමුවක් යටතේ 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය සකස් කිරීමේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන් පදනම් කරගෙන හා පවතින සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන මෙම ඇස්තමේන්තුව සකස් කරනු ලැබ ඇත.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.