Friday, 29 March 2024

''තොරතුරු සතිය'' අද සිට ඇරඹේ

Posted On Friday, 21 September 2018 04:36

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ''තොරතුරු සතිය'' ප්‍රකාශයට පත් කර ඇති අතර අද සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති ජාත්‍යන්තර තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව ක්‍රියාත්මක තොරතුරු සතිය තුළ සිදු කෙරෙන වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් අතිරෙක ලේකම්වරිය මේ බව පැවසුවාය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදි මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙහි දී අදහස් දැක්වු අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය;

තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයා වෙත ලබාදුන් හොඳ අවස්ථාවක්. ඒ ලබා දුන් හොඳ අවස්ථාව (තොරතුරු අයිතිය ) භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේ ම මේ පිළිබඳව මාධ්‍ය හරහා මහජනතාවට රැගෙන යා යුතුයි. තොරතුරු අයිතිය භාවිතා කරමින් මේ රටේ යහපාලනය ශක්තිමත් කිරිමටත්,ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනයට මහජන සහභාගිත්වය ලබා ගැනීම වැදගත්.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශශයේ අපේක්ෂාව ද එය බව ද පැවසුවාය.

2018 සැප්තැම්බර් මස 21 සිට 2018 සැප්තැම්බර් 28 දක්වා තොරුතුරු සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ප්‍රකාශ කරමින් තවදුරටත් ප්‍රකාශ කළේ,සැප්තැමබර් මස 21 (අදා දිනයේ දි උදෑසන 11.00 ට කොළඔ
ජාතික රෝහල අසළ හා ප.ව 4.00 ට කොටුව දුම්රිය ස්ථානය අසළ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් සිදු කරමින් ජනතාව දැනුම්වත් කරන බවය.

ඊට අමතරව එදින ම ප.ව 4.30 -ප.ව 7.00 ට "RTI FILM DAY" තොරතුරු දැනගැනිමේ අයිතිය සම්බන්ධයෙන්  නිෂ්පාදිත කෙටි චිත්‍රපට උළෙලක් තරංගනී සිනමා ශාලාවේ පැවැත්විමට කටයුතු යොදා ඇති බව ද පැවසී ය.