Thursday, 18 April 2024

දරුවන් පාසල් නොයවන දෙමාපියන්ට එරෙහිව නඩු

Posted On Wednesday, 10 October 2018 05:01

පලමු වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමට හා දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී  කටයුතු කරනවා යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.


ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන් මිලියන 19 ක් වියදම් කරමින් ඉදි කළ ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

පාසැල් අධ්‍යාපනය එකේ ඉදන් 13 වෙනකන් අනිවාර්ය කරලා තියෙනවා.මං හිතන්නේ එන අවුරුද්ද වෙයි ද ඊලග අවුරුද්ද වෙයි ද දන්නේ නැහැ කොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා.දරුවා ගෙදර තියන් ඉන්නනවැයි කියලා ඒ මොකටද කරන්නේ අපි රටක් හැටියට අවුරුදු 70 ක් විතර ආපස්සට ගිහිං තියෙන්නේ අපි හදනවා ඒ ගොල්ලෝ ඇවිත් විනාශ කරනවා .ඒක තමයි ඉතිහාසයේ හැමදාම වුණේ අද කවුරුත් කවුරුත් කථා කරන්නේ නැහැ සෞඛ්‍ය ඇමතිතුමා කොච්චර බෙහෙත්වල මිල අඩු කරානේ කියලා කට ඇරියොත් කියන්නේ මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න ශාසනේ ආරක්ෂා වුණා .ශාසනයේ ආරක්ෂා කරන්න එයා ඕන නැහැ මේක නිකන්ම රැකිලා තිබුණා.

අවුරුදු 2500 ක් අර ස්වාමීන් වහන්සේලා අපේ සෝභිත හාමුදුරුවෝ වගේ මහා ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය මේ රටට තියෙනවා. අපි දන්නවා තියෙන ස්වාමීන් වහන්සේලාට දෙනවා බදු රහිත වාහන පර්මිට්.අනේ ඉතිං හාමුදුරුවෝ පන්සලේ ඉඩම ටිකක් වැඩි කර ගෙන වළාකුළු බැම්ම බැද ගන්නවා අපි ඒ හාමුදුරුවරුත් දන්නවා.

මම හොද බෞද්ධයෙක් මම ඕන වෙලාවක ඒක අපේ ස්වාමීන් වහන්සේත් දන්නවා අපි මේවා අත අරින්න ඕන වෙලාවක සුදානම් ඒකයි අපි නියම බෞද්ධයෝ කියන්නේ .හැබැයි කිසි කෙනෙක් කල්පනා කරේ නෑ අපි කෙහොම ද දුප්පත් මනුස්සයට උදවු කරන්නේ කියලා .මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශතයක්වත් රටේ සල්ලි නැහැ.ඒකේ ඔක්කොම තියෙන්නේ සීගිරිය පොලොන්නරුව දඹුල්ල බලන්න එන .පුරා විද්‍යා ස්ථාන නරඹන කොට කඩන ඩොලර් වලින් විදේශිකයින් ගෙවන මුදල් තමයි ඒකේ තියෙන්නේ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ අරමුදල් තමයි ඒකේ තියෙන්නේ.

රටේ මිනිස්සුන්ගේ සල්ලි නැහැ.විශාල ප්‍රමාණයක් කට්ටිය ඒකෙන් තමයි ගොඩාක් දේවල් කරේ.හැබැයි අපේ අගමැතිතුමාට පුළුවන් වුණා ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලෙන් දුෂ්කර පන්සල් වලට උදවු කරන කොට අපේ අගමැති තුමාට පුළුවන් වුණා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මේ පළවෙනි අවුරුදු තුනට විතරක් පන්සල් 1500 කට ආසන්න ප්‍රමාණයකට උදවු කරන්න.අපි මේ වැඩ කරන්නේ කිසි දෙයක් අරන් යන්න නෙමේ.අපේ හාමුදුරුවෝ කිවුවනේ ඇත්ගාල වැව කොහොම ද අපේ අයියා හැදුවේ කියලා.අපි වැඩ කරනවා වැඩ කරන්න එපා කියලා ඔය ගොල්ලෝ ගෙදර ඉන්න මීට වඩා හොද කට්ටියක් ඇවිල්ලා වැඩක් කරනවා කිවුවොත් අපි තියලා ගෙදර යනවා.පක්ෂ දේහපාලනය නෙමෙයි ජලය ටිකක් ලැබෙනවැයි කියන්නේ අපි මේ කටයුතු කරන කොට අපි හැම තිස්සේම බලන්නේ මෙතන ඉන්නවා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් තුන් හතර දෙනෙක්ම ඒ අයගෙන් අහන්න පුළුවන් ඒගොල්ලන්ට එදාට වඩා මෙතන රාජකාරී කරන්න පුළුවන් ද කියලා කිසිම රජයේ නිලධාරියෙකුට අපි බලපෑම් කරන්න අපි සුදානම් නැහැ.


අපිට කරන්න තියෙන හැම දෙයක්ම අපේ රටේ දුප්පත්කම නැති කරන්න රටේ ජනතාව වෙනුවෙන් ජනතාව නගා සිටුවන්න  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කරනවා කියන එක ප්‍රකාශ කරනවා යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.