Friday, 19 April 2024

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මුහුදු ප්‍රදේශවලට වැසි

Posted On Tuesday, 30 October 2018 06:18

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මුහුදු ප්‍රදේශවලට වැසි


දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය,පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට වයඹ දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ. මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 45 පමණ දක්වා වැඩි විය හැක.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-25 පමණ වේ.