Thursday, 28 March 2024

අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ප්‍රතිපත්තියක් අවශ්‍යයි- අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය

Posted On Friday, 09 November 2018 08:17

දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.


වඩා වැදගත් වන්නේ අප කිසිවෙක් දරන තනතුරු නොව අප සතු ඉලක්කයන් සහ ඒවා සාක්ෂාත් කරගන්නට අපට ඇති හැකියාව බවත්, තොරතුරු ගබඩා කරමින් දැනුම දියුණු කරන්නන් වෙනුවට අධ්‍යාපනය කේන්ද්‍රගත විය යුත්තේ ප්‍රඥාව දියුණු කළ හැකි ක්‍රමයකට බවත්, ලෝකයේ දියුණු රටවල් මේ වනවිටත් ඒ ක්‍රමයට අනුගත ව සිටින බවත්, අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ද එවන් වෙනසකට ලක් කිරීම අත්‍යවශ්‍ය බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් ක‍ළේය.

 නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධූරයෙහි රාජකාරි ආරම්භ කිරීමෙන් පසු මේ අඳහස් පළ කළේ ය.