Wednesday, 24 April 2024

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

Posted On Monday, 19 November 2018 08:21

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බවත් සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම,සබරගමුව, ඌව,උතුර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ටවැඩි තද වැසි ද ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිරපළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බද නිවේදනයේ සඳහන් වෙයි.