Thursday, 28 March 2024

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

Posted On Wednesday, 21 November 2018 04:33

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.


මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100-150පමණ තද වැසි ද ඇති විය හැක අතර විශේෂයෙන්, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක. උතුරු පළාත හරහා හමන පැ.කි.මී. 40-50 ක පමණ වන තරමක තද සුළං අද(20) සහ හෙට දින වලදී බලාපොරොත්තු විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.