Thursday, 28 March 2024

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහොයෙන් ඇරඹේ-වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළසීමට පියවර

Posted On Tuesday, 04 December 2018 09:23

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දින (22) ආරම්භ කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළතේ ප්‍රධාන සංඝ නායක හා පැල්මඩුල්ල රජමහ විහාරයේ විහාරවාසි පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුහ.


උන්වහන්සේ සඳහාන් කලේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ, විශේෂ පෙරහැරවල් තුනක් මගින් පැල්මඩුල්ල බගවන්තලාව මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල රත්නපුර රජ මාවත ඔස්සේත්, තවත් පෙරහැරක් රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැටන් නල්ලතන්නිය මාර්ග ඔස්සේත් දෙසැම්බර් මස 21 වෙනි දින ශ්‍රී පාද මළුව දක්වා වඩමකරවීමෙන් අනතුරුව ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරන බවත්ය.

2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක හා පැල්මඩුල්ල රජමහ විහාරයේ විහාරවාසි පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පසුගියදා නල්ලතන්නිය ප්‍රදේශයේ පැවති විශේෂ සාකච්ඡාවේදි උන්වහාන්සේ මේ බව පැවසුහ.

මෙහිදි අදහස් දැක්වු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කලේ එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයේදි ශ්‍රී පාද වන්දනාකරුන්ගේ ආරක්ෂාව සහ ඔවුනට අවශ්‍ය පොදු පහසුකම් සැළසීම ට අදාල කටයුතු අවශ්‍ය අයතන සමග සම්බන්දවෙමින් සිදුකරණ බවත්, වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නල්තන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම එක් රැස් කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සැළසුම් කරමින් පවතින බවත්ය.

ශ්‍රී පාදස්ථානායේ ගෞරවය ආරක්ෂාකරමින්, මෙම පුණ්‍ය භුමිය සහිත සන්වේදී පරිසර කලාපය මතු පරපුර සඳහා ආරක්ෂා කිරීම ට වන්දනාකරුවන්ගේන් ලැබෙන සහයෝගය වැදගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නෙය.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය