Friday, 29 March 2024

ජාතික ආහාර සැණකෙළිය අද ඇරඹේ

Posted On Friday, 07 December 2018 05:22

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “Food 2018” ජාතික ආහාර සැණකෙළිය adha දින (07) කොළඹ Green path හිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා   පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද  අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.


මෙම ආහාර සැණකෙළියේදී ශ්‍රී ලංකාවේ දේශීය ආහාර ප්‍රවර්ධනය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.දේශීය ආහාර පාන සකස් කිරීම , ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙන්ම ඒ සඳහා භාවිතා කරන දේශීය උපකරණ පවා මෙම ප්‍රදර්ශනය තුළ අන්තර්ගතය.

අපේ රටේ පැරණි පරම්පරාව තුළ බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා ඉවහල්වූ සාම්ප්‍රදායිකව මුළුතැන්ගේ භාවිතා කළ උපකරණ එනම් මිරිස්ගල , වංගෙඩිය , මෝල්ගහ , කුරහන්ගල , කුල්ල වැනි උපකරණ ඇතුළත් ප්‍රදර්ශන කුටි “Grandma’s Gym” යනුවෙන් නම්කර ප්‍රදර්ශනය කිරීමට යොදා ඇත.

මෙම ආහාර සැණකෙළිය දෙසැම්බර් 07 දින සිට 09 දින දක්වා පැවැත්වීට කටයුතු යොදා තිබේ