Friday, 29 March 2024

වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

Posted On Monday, 31 December 2018 07:10

දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කෙසේ වෙතත් නැගෙනහිර පළාතෙත් මුලතිවු ,බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක. මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.