Tuesday, 16 April 2024

දෙසැම්බර් 31 රාත්‍රිය අනතුරු අවම කරගනිමු- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

Posted On Monday, 31 December 2018 07:36

සෑම වසරකම දෙසැම්බර් 31 දින  රිය අනතුරු ගිනිකෙළි අනතුරු බීමත්ව සිදු වන කෝලාහල කරගැනීම් නිසා සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දෙයි.


බීමත්ව රිය පැදවීම,මාර්ග නීති නොතකා රිය පැදවීම, අදික බීමත් බව,වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තිරව ගිණිකෙළි දැල්වීම ආදිය මෙම අනතුරුවලට ප්‍රධන හේතුවක් බව වෛද්‍ය සිරිතුංග මහතා කියයි.

එබැවින් දෙසැම්බර් 31 රාත්‍රියෙන් උදා වන නව වසර අනතුරු අවම වසරක් කර ගැනීමට අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.