Friday, 19 April 2024

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් ජනවාරි 16 තෙක්

Posted On Monday, 31 December 2018 07:45

2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිකුත් වී ඇති විභාග ප්‍රතිඵල පිළිබද සෑහීමකට පත් නොවන අපේකෂක අපේක්ෂිකාවන්ට තම ප්‍රතිඵලය නැවත පරීක්ෂා කිරීම සදහා ජනවාරි 16වන දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් තමා විභාගයට පෙනී සිටි පාසල්වලින් ලබා ගත හැකි අතර පෞද්ගලික අයදුම්කරුවන්ට එම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බව දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරයි.