Thursday, 18 April 2024

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගන්නා පාසල් නැවත විවෘත කිරීම ජනවාරි 18

Posted On Monday, 07 January 2019 05:59

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 26 න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන් ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



01. කො/ඉසිපතන විද්‍යාලය, කොළඹ 05

02. මාර/මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර

03. කු/සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල

04. මහ/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහනුවර

මෙහි ඇමුණුමෙහි නම් සඳහන් අනෙකුත් පාසල් 22 හි කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ.

අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2018 (11 අදියර) ඇගයීම් මධ්‍යස්ථාන නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත.