Thursday, 25 April 2024

මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු අලුත් අවුරුද්දට පෙර- ප්‍රවාහන ඇමති

Posted On Monday, 07 January 2019 06:02

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු අලුත් අවුරුද්දට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.



මෙම දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා සවි කිරීම තවමත් අවසන් වී නැත . ඒ නිසා මගී දුම්රිය ධාවනය දැන්ම සිදු කළ නොහැකි වී තිබේ.මාර්තු මස අග වන විට ඒවා සවි කොට යළි පරීක්ෂා කර බැලීමෙන් පසු අලුත් අවුරුද්දට පෙර දුම්රිය ධාවනය සිදු කරන බව ද මාතර දුම්රිය ස්ථානයේදී ඊයේ (06)මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

ඇමතිවරයා ඊට පෙර බෙලි අත්තේ සිට විශේෂ දුම්රියකින් මාතර දක්වා නිරීක්ෂණ චාරිකාවක යෙදුණි .

මෙම දුම්රිය මාර්ගයේ හම්බන්තොට දක්වා වූ දෙවැනි අදියරේ කටයුතු ආරම්භ කිරීම සඳහා තමා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව ද පැවැසූ ඇමැතිවරයා, සීඝ්‍රයෙන් සංවර්ධනය වන හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ඒ නිසා එයින් විශාල වාසියක් අත් වන බව ද කී ය .
මෙවැනි සංවර්ධන කටයුතු සඳහා යොදවනු ලබන්නේ මහජනතාවගේ බදු මුදල් බැවින් තමා මෙවැනි කාර්යයන් වල දී දේශපාලනය ගාවාගන්නේ නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.