Friday, 29 March 2024

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට කැඳවයි

Posted On Friday, 11 January 2019 06:46

2018 වසර සඳහා උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (11) සිට අයදුම්පත් කැඳවන බව විභාග විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි.



එය පෙබරවාරි 01 වන දින දක්වා අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ භාර ගනු ලබන බවත්,එක් අපේක්ෂකයෙකුට එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කළ යුතු වේ.මේ වන විට සිසුන් 31,158 දෙනෙක් විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති බව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.