Tuesday, 23 April 2024

2016-2017( උසස් පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීම - අයදුම් පත් 15 දට පෙර යොමු කරන්න

Posted On Monday, 11 February 2019 06:22

2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම ද 2019.01.25 දින ගැසට් නිවේදනය තුළ අනිවාර්ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



එහෙත් මාර්ගගත ප්‍රවේශයේ දී බොහෝ අයදුම්කරුවන්ට ඊට ප්‍රවේශවීමේ අපහසුතා පැන නැගී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකි වූ හෝ නොහැකි වු හෝ සියලුම අයදුම්කරුවන්ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි නිසි උපදෙස් අනුකූලව විධිමත්ව සකස් කරන ලද අයදුම්පත්‍රයක් 2019.02.15 දින හෝ ඊට පෙර හෝ ලියාපදිංචි තැපෑලෙන් නියමිත ලිපිනයට යොමු කිරීම අනිවාර්යය වේ.

ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පතක් යොමු නොකරනු ලබන අයදුම්කරුවන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු වගකීමක් දරනු නොලැබේ.