Friday, 29 March 2024

අප්‍රේල් මස සිට පොල් වගාකරුවන් දැනුවත් කරයි

Posted On Friday, 22 February 2019 05:43

පොල් වගා කරුවන්ගේ තාක්ෂණික දැනුම ,වතු පාලනය, කම්කරු නීති හා අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබද සහතික පත්‍ර පාඨමාලාවක් අප්‍රේල් මස සිට සෑම මසකම එක් දිනය බැගින් පැවැත්වීමට ලුනුවිල පොල් පර්යේෂණායතනය සැලසුම් කර ඇත.



පොල් නැවත සිටුවීම , පැල වගා පාලනය, පොල් ඉඩම්වල තෙතමනය සංරක්ෂණය, කාබනික හා රසායනික පොහොර භාවිතය, පලිබෝධ හා රෝග පාලනය පිළිබද මෙහිදී පොල් වගා කරුවන් දැනුවත් කෙරේ.

පොල් වගාකරුවන්ට පොල් කර්මාන්තයෙන් ලැබෙන ආදායම ට අමතරව පොල් ඉඩම්වල අතුරු භෝග වගා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් අඩු ඵලදායීතාවයකින් යුතු පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම හා පොල් ආශ්‍රිත නව නිෂ්පාදන හදුන්වා දීමද මෙහිදී සිදු කිරීමට නියමිතය.

මෙම පාඨමාලාවේ වැඩ සටහන් පොල් පර්යේෂණායනයේ ලුණුවිල පිහිටි ප්‍රධාන කාර්යාලයේදීත් , ආරච්චිකට්ටුව , මාදම්පේ හා මාකදුර පිහිටි උප මධ්‍යස්ථාන වලදීත් පැවැත්වේ.