Thursday, 18 April 2024

ආහාර හා ආහාර ඇසුරුම් ක්ෂේත්‍රයේ දේශීය කර්මාන්ත වලට ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ගැනීම සඳහා රජයෙන් මුල්‍ය සහන

Posted On Friday, 22 February 2019 05:44

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.



මේ අනුවISO 9001, ISO 14001, ISO 22000, ISO 50001ජාත්‍යන්තර තත්ත්ව සහතිකහා ආහාර සුරක්ෂිතතාව වර්ධනය සඳහා GMP සහතීකරණයලබා ගැනීම සඳහා රජයෙන් මුල්‍ය අනුග්‍රහය  සඳහා ලබා දෙනු ලැබේ .

ISO ජාත්‍යන්තර තත්ත්ව සහතික සඳහා 2019 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු තේ ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු නිෂ්පාදන හා ආහාර ඇසුරුම්කරණ ක්ෂේත්‍රයන්හී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ගැනීමට අයදුම් කළ හැකිය.

GMP සහතීකරණය සඳහා 2019 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුමරුපියල් මිලියන 250ටඅඩු සහ සේවක සංඛ්‍යාව 50ට අඩුආහාර සහ පාන වර්ග, රස කැවිලි සහ බේකරි නිෂ්පාදන, කුළු බඩු නිෂ්පාදනකිරි ආශ්‍රිත නිෂ්පාදන, තෙල් ආශ්‍රිත නිෂ්පාදන, සකසන ලද මස් හා මාළු නිෂ්පාදනආහාර නිෂ්පාදන කේෂ්ත්‍රවල කර්මාන්ත වලටGMP සහතීකරණය ඉල්ලුම් කල හැක.

සෑම දිස්ත්‍රික්කයම කර්මාන්තකරුවන් සඳහා තොරතුරු 0112422319, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයෙන් විමසා ලබාගත හැක.මීට අමතරවඔබ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර්මාන්ත හිමියෙකු නම් , අයදුම් පත් හා මේ පිළිබඳ වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කොළඹ දිස්ත්‍රික් කාර්යාලය,අංක 98, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල,දෙල්කඳ, නුගේගොඩයන ලිපිණයට ලිපියක් එවීමෙන්ද  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.යන ඊමේල් ලිපිණයට ලිපියක් එවීමෙන්ද0112815009යන දුරකථන අංකයට ඇමතීමෙන්ද ලබා ගත හැකිය.

අයදුම්පත් 2018.02.28 දිනට පෙර කර්මාන්ත හා වාණිජකටයුතු පිළිබඳ අමාත්‍යාංශය අධ්‍යක්ෂ, සංවර්ධන අංශ 1, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, 73/1, ගාලු පාර,කොළඹ 03.වෙත යොමු කරන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර්මාන්ත හිමියෙකු නම්අයදුම්පතෙහි පිටපතක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේඉහත ලිපිනයට යොමු කරන්න.