Friday, 19 April 2024

තැපැල් දෙපාර්තමේන්තුවට ලියාපදංචි ආදේශකයින් බඳවා ගැනේ

Posted On Thursday, 21 March 2019 10:01

තැපැල් දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවා අවශ්‍යතාවය අනුව,දෛනික වැටුප්මත රාජකාරි ඉටුකරවා ගැනිම සඳහා ආදේශකයින් ලියාපදිංචි කරවා ගැනිම වෙනුවෙන් 2019 අප්‍රේල් 01 දින දක්වා ප්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් අයදුම්පත් කැඳවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ  ජේෂ්ඨ (පාලන) ලේකම් රවින්ද්‍ර ගුණරත්න රජයේ නිල වෙබ් අඩවියට පැවසිය.



තැපැල් කණිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලයේ නිවාඩු ලබා ගත්  අවස්ථාවක දී ඒ වෙනුවට මෙම සේවකයින් බඳවා ගන්නා අතර ස්ථිර සේවක මණ්ඩලයේ විශ්‍රාමගිය අවස්ථාවක දී මෙම සේවකයින් සිථිර සේවකයින් ලෙසින් බඳවා ගන්නා බවද ඒ මහතා පැවසිය.

වයස අවුරුදු 18-35 අතර අ.පො.ස (සා.පෙළ) විභාගයේ දෙවරකට නොවැඩි වාර ගණනක ද් යටත් පිරිසෙයින් සම්මාන 2ක් සහිතව විෂයයන් 06 ක් සමත්විම ඇතුළු සුදුසුකම් අවශ්‍ය බවත් එය මේ වනවිට පුවත්පත්වල ප්‍රසිද්ධ කොට ඇති බවත් රවින්ද්‍ර ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මෙහි දි තවදුරටත් අදහස් දැක් වු ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරි මට්ටමේ සිට පහළ සේවකයා දක්වා විශාල පුරප්පාඩු පවතින බවයි.