Friday, 19 April 2024

2018 අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට අලුයම නිකුත් කළ හැකියි -විභාග කොමසාරිස්‌ ජනරාල්

Posted On Wednesday, 27 March 2019 05:11

2018 අ.පො.ස(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට (28) අලුයම වන විට අන්තර්ජාලයට එක් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල්  සනත් පූජිත මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.



www.doenets.lk/exam/ යන වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැක. එමෙන් ම සැම වසරකම නිශ්චිත දිනක දි විළාග ප්‍රතිඵල නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.ඒ අනුව සැම වසරකම පහේ ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල ඔක්තොබර් මස 05 වන දිනටත්, අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වන දිනටත්,උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වන දිනටත් ලබාදිමට පියවර ගෙන තිබේ.