Friday, 19 April 2024

“ආනයනික පළතුරු වර්ග වල පළිබෝධ නාශක සංඝටක ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ ”- සෞඛ්‍ය අමාත්‍යාංශය

Posted On Thursday, 18 April 2019 17:19

ආනයනය කරන පළතුරු වර්ග වල පළිබෝධ නාශක සංඝටක ඇති බව සිදු කළ පරීක්ෂණ වලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.



සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ වෘත්තීය ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් එම පරීක්ෂණ සිදු කරන ලදි.

ගුවන් තොටුපලේ දී සහ වරායේ දී ලබාගත් ආනයනය කරන පළතුරු වර්ග වල සාම්පල පරීක්ෂාවට ලක් කළ බව එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා පවසයි.

ආනයනික ඇපල්, මිදි හා දොඩම්වල පරීක්ෂා කළ සම්පල වල ශ්‍රී ලංකාවේ තහනම් පළිබෝධ සංඝටක අඩංගු බවට රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ගිණුම් කාරක සභාව පසුගියදා ප්‍රකාශ කරන ලදි. 2018 වර්ෂයේ සිදු කළ පරීක්ෂණ වලදී එවැනි පළිබෝධ නාශක සංඝටක ආනයනික පළතුරුවල අඩංගු වී නොතිබුන බව අධ්‍යක්ෂවරයා සදහන් කරයි. කෙසේ වෙතත් එළවලු, පළතුරු හා තෙල්වර්ග වල සිදු කළ පරීක්ෂණ වාර්තා ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පැවැසීය.