Wednesday, 24 April 2024

පවතින ආරක්ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම ඉහළට

Posted On Thursday, 02 May 2019 08:14

රටේ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.



මේ දිනවල දිනකට 2000 කට ආසන්න පිරිසක් පුද්ගල හැදුනුම්පත් ලබාගැනීමට පැමිණෙන බවත් මීට පෙර පැමිණියේ දිනකට 1600 ක් පමණ සංඛ්‍යාවක් බවත් කොමසාරිස් ජනරාල්වරයා රජයේ නිළ පුවත් වෙබ් අඩවියට කීය.

බොහෝ දෙනා රජයේ ආයතනවලට හා ගමන්බිමන් යාමේදී පරීක්ෂාවට ලක්වන බැවින් ජාතික හැදුනුම්පත් ලබා නොගත් අය තුළ මේ දිනවල ඒ සදහා දැඩි උනන්දුවක් පැවතීම නිසා මෙසේ වැඩි පිරිසක් පැමිණෙන බවද ගුණතිලක මහතා තවදුරටත් පැවසීය.