Friday, 29 March 2024

‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික පුජා උත්සවය පැවැත්වීමට නාවික හමුදාව සහය වෙයි

Posted On Monday, 08 July 2019 08:11

නයිනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන පූජා උත්සවය 2019 ජූලි මස 02 වන දින සිට ආරම්භ වූ අතර, මෙම පූජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආරක්‍ෂක හා සනිපාරක්‍ෂක සේවාවන් සපයමින් සහය ලබා දෙයි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබයි.

ඒ අනුව, ප්‍රභූවරුන් සඳහා මුහුදු ප්‍රවාහන පහසුකම් සැපයීම, කුරිකඩ්ඩුවාන් සිට නයිනතිව් දක්වා තොටුපල සේවය සම්බන්ධීකරණය කිරීම,බැතිමතුන්ට පානීය ජලය සැපයීම, ආරක්ෂිත නාන ස්ථාන සංවිධානය කිරීම,බැතිමතුන්ට ජීවිතාරක්ෂක ආධාර සැපයීම, පිරිස්වල ආරක්ෂාව තහවුරු කරමින් නාවික හමුදාවේ සහය උපරිම අයුරින් ලබා දීමට කටයුතු කරන අතර,සියළු සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ අණදෙන නිලධාරී විසින් සිදු කරනු ඇත.

තවද, මෙම පූජා උත්සවය එළ‍ඹෙන ජූලි 17 වන දින නිමාවට පත්වීමට නියමිතව ඇති අතර, ඒ දක්වා අඛණ්ඩව නාවික හමුදාවේ සහය ලබා දිමට කටයුතු කරනු ඇත