Friday, 29 March 2024

කළු ගගෙහි ජල මට්මට පිටාර මට්ටමට-ගංගා ධාරා ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇගවීම්

Posted On Friday, 19 July 2019 07:56

කලු ගංගා ධාරා ප්‍රදේශයට මෙවන විය ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්මට රත්නපුර පුදේශයෙන් පිටාර මට්ටමට ඇසන්න වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි පැය කීපය තුළ ද වැසි තත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි පලකර ඇත.



පසුගිය පැය විසිහතරක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල මිලිටීමර් 59.0ක් ද, පලාබද්දල ප්‍රදේශයට මිලිටීමර් 99.0, ගිලීමලේ ප්‍රදේශයට මිලිටීමර් 92.0, කුඩාවැව ප්‍රදේශයට මිලිටීමර්172.0 ක ද, වලබොඩප්‍රදේශයට මිලිටීමර් 107.0 ක ද, ගලබොඩ ප්‍රදේශයට මිලිටීමර්106.0 ක ද වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

එසේම මහනුවර ප්‍රදේශයට මිලිටීමර්115.0 ක ද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයට මිලිටීමර්110.0 ක් ද ඩන්කල් වතුයාය ප්‍රදේශයට මිලිටීමර්120 ක් ද ඇල්ටන් වතුයාය ප්‍රදේශයට මිලිටීමර් 119 ක වර්ෂාපතනයක් වාර්තාවී ඇත.

 රත්නපුර ආශ්‍රත කළු ගංගා සහ ඊට සම්බන්ධ අතු ගංගා වල දෙපස පහත් බිම් ප්‍රදෙශවල වාසය කරන ජනතාව ගංවතුර තත්වය පිළිබදව දැඩි අවදානයෙන් සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම්  දෙයි.