Friday, 19 April 2024

73 වැනි ඉන්දීය ජාතික දිනය සැමරේ

Posted On Thursday, 15 August 2019 09:00

ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සියලු පළාත් තුළ සංවර්ධන සහ සහයෝගීතා ව්‍යාපෘති 70කට අධික සංඛ්‍යාවක් ආරම්භ කර ඇති බවත්, ඒ සියලු ව්‍යාපෘතීන් සකස් කොට ඇත්තේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රමුඛතාවයන් අනූව බවත්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සින්ධු මහතා පැවසීය.



ඒ මහතා මේ බව සදහන් කරන්නේ අද (15) ට යෙදී ඇති ඉන්දියාවේ 73 වැනි නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති විශාලම ව්‍යාපෘතිය නිවාස 63000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය බවත්, ඉන් නිවාස 47000 ක වැඩ නිමකොට දැනටමත් ප්‍රතිලාභීන් වෙත බාරදී අවසන් බවත් මෙයට අමතරව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම එක් ආදර්ශ ගම්මානය බැගින් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් මහකොමසාරිස්වරයාගේ පණිවුඩයේ තවදුරටත් දැක්වේ.

ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් නිවෙසේදී අද (15) පෙරවරුවේ උත්සවයක්ද  සංවිධානය කොට ඇත.