Friday, 19 April 2024

ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහය වෙයි

Posted On Monday, 02 September 2019 08:35

නාවික හමුදාව විසින් (සැප්තැම්බර් 01) අළුයම යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් හතර දෙනෙකු බේරා ගැනීමට සමත් විය.



ඒ අනුව උතුරු නාවික විධානය විසින් මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක් මගින් මුහුදේ පාවෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔවුනට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි ධීවරයින් පිරිසට අවශ්‍ය ආහාර පාන ලබාදීමට ද ‍මෙහිදී නාවික හමුදාව කටයුතු කළේය.

 මෙලෙස ආපදාවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් හතරදෙනා වයස අවුරුදු 37 ත් 60 ත් අතර වියෙහි පසුවන ඉන්දීයානුවන් වන අතර, ඉදිරි කටයුතු සඳහා ඉන්දීයානු ධීවරයන් හතරදෙනා සහ ට්‍රෝලර් යාත්‍රාව යාපනය, ධිවර පරික්ෂක වෙත භාර දෙන ලදි.

 තවද, නාවික හමුදාව විසින් මෙලෙස මෙලෙස අප මුහුදු සීමාව තුළ අපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවෂ්‍ය සහන සැලසිමට අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.