Friday, 29 March 2024

අගමැති මාලදිවයිනේ පාර්ලිමේන්තුව අමතයි

Posted On Wednesday, 04 September 2019 09:51

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සිදු කළේ ය.



මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා විසින් පිළිගත් ගත්තේ ය.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන අවස්ථාවට මාලදිවයින් අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියේ ය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් පාර්ලිමේන්තු ආගමනය සිහිපත් කරමින් එරට කතානායක මොහොමඩ් නෂීඩ් මහතා විසින් මාලදිවයින් පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුළත් සමරු ග්‍රන්ථයක් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීය.