Tuesday, 23 April 2024

දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය හා හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Posted On Thursday, 05 September 2019 09:58

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය විවෘත කිරීම හා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීම ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 06 වැනි දින (හෙට) සිදුකෙරේ.



මෙම උත්සව අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන සහ එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරුද සහභාගී වෙති.


හදිසි අවශ්‍යතාවයන් සදහා එක්දින සේවාව යටතේ හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙල පළමු වරට ප්‍රාදේශීය වශයෙන් හෙට (06) ගාල්ලෙන් ආරම්භ වීමෙන් පසු දකුණේ මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුරවැසියන්ට එක්දින සේවාව යටතේ තම ජාතික හැදුනුම්පත ලබාගැනීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.