Thursday, 28 March 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 13 මධ්‍යම රාත්‍රී 12න් අවසන්

Posted On Friday, 06 September 2019 08:21

පළාත් පාලන ආයතන සඳහා 2019 සැප්තැම්බර් මස 02 දින ඡන්ද විමසීමක් පැවැත්වීම සම්බන්ධයෙන් දැන්වීම් නිකුත් කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඡන්ද විමසීම සදහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූ රජයේ නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2019 සැප්තැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත බවත් එම දිනය නැවත කිසිසේත්ම දීර්ඝ කරනු නොලැබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.




මෙම ඡන්ද විමසීමේදී එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද විමසීම් රාජකාරි සදහා යෙදවීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන්, සේවකයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, එම පළාත් වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, සේවකයන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයන්, දුම්රිය සේවා පවත්වාගෙන යාම පිණිස අත්‍යාවශ්‍යම වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයන් සහ දිවයිනේ සියලුම ප්‍රදේශ වල ආරක්ෂක කටයුතු වල නිරත වන ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රීය ආරක්ෂක සේවයේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන් තැපෑලෙන් ඡන්දය දීම සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන අතර, තැපෑලෙන් ඡන්දය දීම සදහා ඉල්ලුම්පත් කිරීමේ කාලසීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලෙස තැපෑලෙන් ඡන්දය දීම සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති සියලුම දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව කාරුණිකව ඉල්ලා සිටියි. තවද මෙම ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී ඒ සදහා වූ තොරතුරු 2018 පළාත් පාලන ආයතන ඡන්ද හිමි නාමලේඛණයෙන් නිවැරදිව ලබාගත යුතු බවද අවධාරණය කරනු ලැබේ.


සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂාකර ඉල්ලුම්කරුගේ අනන්‍යතාවය පිළිබද නිසැක වී සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියෙකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත 2019 සැප්තැම්බර් 13 වන දින හෝ එදිනට පෙර ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබෙන සේ යැවිය යුතු බවත් එම දිනය නැවත දීර්ඝ නොකරන බවත් නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් සියලුම සහතික කිරීමේ නිලධාරීන් වෙත කාරුණිකව දන්වා සිටිනු ලැබේ. නියමිත කාලසීමාව අවසාන දිනයේදී හෝ එයට පෙර දිනයේදී ඉල්ලුම්පත්‍ර තැපෑලට භාරදීම වෙනුවට මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදීම වඩාත් යෝග්‍ය වනු ඇත.

තැපෑලෙන් ඡන්දය දීම සදහා හිමිකම් ඇති සියලු තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සදහා පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛන පහත සදහන් ස්ථාන වල ප්‍රදර්ශනය කර ඇත.
1. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය.
2. ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
3. ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය.
4. ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලයේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාල වල (ඒ ඒ කොට්ඨාසයට අයත් නාමලේඛන කොටස)

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (elections.gov.lk) පිවිස එහි මුල් පිටුවේ ඇති ඡන්ද හිමි නාමලේඛනය 2018 සබැදිය (පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල නාමලේඛනය) වෙත ගොස් එහි සදහන් උපදෙස් පරිදි ස්වකීය ජාතික හැදුනුම්පත් අංකය අනුසාරයෙන් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීම සදහා ද තොරතුරු ලබාගත හැකිය.


ආරක්ෂක හමුදා කදවුරු වල සේවයේ නියුතු එකී හමුදා වල සාමාජිකයින්ගේ තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙලක් එකී හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කර සූදානම් කරනු ලැබේ. මීට අමතරව ඡන්ද හිමියන් සමූහයක තොරතුරු අවශ්‍ය වන අවස්ථාවලදී මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ සදහන් තැපැල් ඡන්ද තොරතුරු ලබාගැනීමේ ආකෘතිය සම්පූර්ණ කර මැතිවරණ කොමිෂන් සභාවේ අංක 0112868426 වෙත ෆැක්ස් මගින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඉ - තැපැල් ලිපිනයටද එවීමෙන්තැපැල් ඡන්ද දායකයින්ට අදාල තොරතුරු ලබාගත හැකිය.