Thursday, 28 March 2024

කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදයි

Posted On Friday, 20 September 2019 08:46

කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.



අද එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකොබ් මහතා සහභාගි වේ.

ප්‍රදර්ශනය අද(20) සිට මේ මස 29 වන දින දක්වා දිනපතා උදෑසන 9.00 සිට රාත්‍රි 9.00  දක්වා පැවැත් වේ. ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයිනගේ සංගමය 1999 සිට සෑම වසරකම  කොළඔ ජාත්‍යත්තර පොත් ප්‍රදර්ශනය පවත් වන අතර මෙවර 21 වෙනි වතාවට පැවැත්වේ.

මෙවර කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 445කින් සමන්විත වන අතර විදේශ වෙළෙඳ කුටි 60ක් ඊට ඇතුලත් වේ.

මිට සමගාමිව  දින පතා සංස්කෘතික සංදර්ශන,ළමා නාට්‍ය හා ළමා ක්‍රියාකාරකම්,පුහුණු වැඩමුළු,විනෝදංනක ක්‍රිඩා  ආදි වැඩසටහන් රැසක් මිට ඇතුලත් වේ.

මේ අතර කොළඔ ජාත්‍යන්තර  පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවල කිරිබත්ගොඩ,බොරැල්ල,බම්බලපිටිය හා අවට නගර කිහිපයක සිට බණ්ඩාරනායක  සම්මන්ත්‍රණශාලාව දක්වා නොමිලේ බස් සේවාවක ද ක්‍රියාත්මක වේ.