Friday, 29 March 2024

තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්

Posted On Monday, 23 September 2019 06:49

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවිය හැකි බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.



2019 සැප්තැම්බර් මස 23 දින පෙරවරුවේ සිට වලංගු වන පරිදි 2019 සැප්තැම්බර් 24 පෙරවරුව දක්වා මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දකුණු, සබරගමු, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව අවධාරණය කරන අතර, ඊට අමතර ව වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වඩා වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලික ව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂාකාරී පියවර වල් ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට පවසා සිටී.