Wednesday, 24 January 2018

සෞඛ්‍ය ඇමැතිගෙන් සියලු ම අමාත්‍යවරුන්ට විශේෂ ලිපියක්

Posted On Wednesday, 18 January 2017 04:35

රාජ්‍ය ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වර්ධනය වී ඇති බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන 24 දා සියලු ම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සියලු ම කැබිනට් අමාත්‍යවරුන්ගෙන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටී.
 


ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයතන පරික්ෂා කිරීම එම ආයතන විසින් ම සිදු කළ යුතු අතර, ඉන් පසු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරින් විසින් ලබන 25, 26 සහ 27 යන තෙදින සියලු ම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමට නියමිතව ඇත.
 
2016 වසරේ දී පමණක් ඩෙංගු රෝගීන් 54,727 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 78 කි. පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණ දත්තවලට අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට 65ක ද, ආගමික ස්ථානවලින් සියයට 70ක ද, පාසල්වලින් සියයට 60ක ද, ඉදිකිරීම් පරිශ්‍රවලින් සියයට 58ක ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව සොයාගෙන ඇත.
 
2017 වසරේ දී ගත වූ දින 17 තුළ හමු වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1311 කි. කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නොමැත.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!