Friday, 29 March 2024

ලෝක ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයක

Posted On Wednesday, 22 March 2017 07:45

අද  (22) ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක්  උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි මෙම උද්ඝෝෂණය සිදුවන අතර ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයකි.


මෙම උද්ඝෝෂණයටද යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බව ජල සම්පාදන ශ‍්‍රම කොන්ත‍්‍රාත් සේවක මධ්‍යස්ථානයේ කැදවුම්කරු එස් ඞී එන් ලීලාරත්න මහතා පැවසීය.