Sunday, 21 January 2018

අධ්‍යාපන ඇමැතිගෙන් විදුහල්පතිවරුන්ට නියෝගයක්

Posted On Friday, 24 March 2017 08:32

පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබේ.


අමාත්‍යවරයා මේ නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලකට බාලක පාසල් කීපයක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල් වීමේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් ක්‍රිකට් තරග හා වෙනත් කටයුතුවලදී මහජනතාවට පීඩාවන පරිදි විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් ගුරුවරුන්, දෙමාපියන් හා මහජනතාවගෙන් ලද මැසිවිලි ද සලකා බලමින් විනය කඩ කරන පාසල් සිසුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. මීට අමතරව පාසල්වල සිදුවන විනය විරෝධි සිදුවීම් හැකිතාක් අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා පොලීසිය සමඟ සහයෝගීව කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

එසේම ඇතැම් විනය විරෝධී කටයුතු සඳහා පාසල්වල ආදි ශිෂ්‍යයන් ද සම්බන්ධ වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද  විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා තම පාසලේ කීර්තිනාමය ආරක්ෂා කිරීමේ වගකීම ආදී ශීෂ්‍යයන්ට ද පැවරී ඇති බව අමාත්‍යරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!