Wednesday, 17 January 2018

සවසට පළාත් කිහිපයකට වැසි

Posted On Monday, 15 May 2017 06:50

දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී.50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සෙසු පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 ඇතැම් ස්ථානවල (මි.මි. 50ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!