Thursday, 28 March 2024

කළු, කැලණි, වළවේ, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළට

Posted On Friday, 26 May 2017 05:25

නිරිතදිග මොසම සක්‍රියවීමත් සමග දිවයිනේ නිරිත දිග කලාපයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂා පතනයක් වාර්තා වීම හේතුවෙන් කළු, කැලණි, වළවේ, ගිං යන ප්‍රධාන ගංඟාවන් මෙන්ම අතු ගංඟාවන් ආශ්‍රිතව ආපදා තත්ත්වයක් මතු ව තිබේ.
 


විශේෂයෙන් කළු, කැලණි, ගිං සහ වළවේ යන ගංඟාවල ජල මට්ටම වැඩි වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හොතුවෙන් ගංගා ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ ව අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.