Friday, 19 April 2024

වැසි තත්ත්වයේ වර්ධනයක්

Posted On Wednesday, 14 June 2017 05:52

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේත් නැගෙනහිර  සහ ඌව (විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ) පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් ඇතිවිය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14)නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.